පූර්ව සහ වරින්වර පැවැත්වෙන වෛද්‍ය පරීක්ෂණ යනුවෙන් සේවකයන්ගේ වෛද්‍ය තක්සේරුව විශේෂයෙන් නියම කර තිබේ. සේවකයන් සුදුසු රැකියාවල පිහිටුවීමෙහිලා මෙය අති වැදගත් අංශයක් වේ. වැඩ කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා සේවකයන්ගේ සෞඛ්‍ය තත්ව වරින්වර තක්සේරු කර බැලීම අත්‍යවශ්‍ය වේ. ජීව විද්‍යාත්මක සමීක්ෂණ අදාළ වැඩ ඵලදායික ලෙසත් කාර්යක්ෂම ලෙසත් ඉටුකිරීමට අවශ්‍ය කායික යෝග්‍යතාව සේවකයන්ට තිබෙන බව සහතික කෙරෙන අතර එමගින් කර්මාන්ත තුළ සේවක නොපැමිණීම් සහ සෞඛ්‍ය වියදම් ද එමගින් අඩු වේ.

සේවකයන්ගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය විසින් පහත සඳහන් සේවා සපයනු ලැබේ.;
කායික පරීක්ෂණ, රුධිර පරීක්ෂණ, පෙණහළු ක්‍රියාකාරිත්ව පරීක්ෂා කිරීම සහ ශ්‍රවණ තත්වය මැන බැලීමේ පරීක්ෂාව ඇතුළු සමාගමේ වෛද්‍ය පරීක්ෂණ.

මේ සේවය පිළිබඳ විශේෂත්වය

අවදානම් හඳුනා ගැනීම පදනම් කරගත් පූර්ව සහ වෛද්‍ය පරීක්ෂණ සේවා සලසන එකම රාජ්‍ය සංවිධානය වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය යි. හෙළිදරවු කර ගන්නා කරුණු පදනම් කරගත් සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීම කෙරෙහි වෛද්‍ය පරීක්ෂණ විශේෂයෙන් ඉලක්ක කෙරේ. අදාළ කරුණු පදනම් කරගත් වාර්තාවක් සේවකයාට ලබා දෙන අතර සේවකයාගේ සෞඛ්‍ය තක්සේරුව සහ අවදානම් හඳුනාගැනීම පදනම් කර ගත් විශේෂ වාර්තාවක් සමාගමට දෙනු ලැබේ.

සේවාවල ස්වරූපය

 

කර්මාන්තය තිබෙන ප්‍රදේශයෙහි ඝෝෂා මට්ටම ඉතා අධික ‍නම්,

  • ශ්‍රවණ තත්වය දැක්වෙන රූප සටහනක් සකස් කොට පෞද්ගලිකව දෙනු ලැබේ.

ඉලක්ක සේවකයා

ඝෝෂාවන්ට නිරාවරණය වී සිටින අය.

විමසීම්

රම්‍යා ජඹුරේගොඩ මහත්මිය

+94 112 585 425 (දිගුව: 103)

ඔබ ආයතනයේ අවශ්‍යතාවය අනුව ආයතනයට පැමිණ හෝ අප සේවා ස්ථානයට පැමිණ සේවකයින්ගේ රුධිරය හා සම්බන්ධ පරීක්ෂාවන් සිදු කරවා ගැනීමේ හැකියාව දැන් ජාතික වෘත්තීය සුරක්ෂීතතාව හා සෞඛ්‍ය ආයතනය මගින්

ප්‍රවීණ වෛද්‍යවරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් මගින් අදාල සේවාව සපයනු ලබන අතර රාජ්‍ය ආයතනයක් මගින් නිකුත් කරන පිළිගත් සහතිකයක් ඔබ ආයතනයට ලැබෙනු ඇත.

විමසීම්

රම්‍යා ජඹුරේගොඩ මහත්මිය

+94 112 585 425 (දිගුව: 103)

පහත සඳහන් සාධක හේතු කොටගෙන ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය විසින් සලසනු ලබන මෙම සේවය ඉතා සුවිශේෂී වේ;

  • වැඩ කිරීමට යෝග්‍යතාව තක්සේරු කර බලන රජයේ අවසර ලත් එකම ආයතනය ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය යි.

එය පියවර දෙකකින් යුක්තය.

  • කර්මාන්ත ශාලා පරීක්ෂණය.
  • වෛද්‍ය පරීක්ෂණය පවත්වා වාර්තාව සැපයීම.

කර්මාන්ත ශාලා පරීක්ෂණය.

නියමිත කර්මාන්තයෙහි පවතින අනතුරු හඳුනා ගැනීමේ මූලික පියවරක් වනුයේ කර්මාන්තශාලාව පරීක්ෂාවයි.

වෛද්‍ය පරීක්ෂණය පවත්වා වාර්තාව සැපයීම.

  • කර්මාන්ත ශාලාවල ගොස් සොයා ගත් කරුණු පදනම් කරගෙන සුදුසුකම්ලත් වෘත්තීය කායික වෛද්‍යවරයකු විසින් සමාගම් පරිශ්‍රයේදී කායික වශයෙන් පරීක්ෂා කර බලනු ලැබේ.
  • හඳුනාගන්නා වෘත්තීය අනතුරු පදනම් කර ගෙන සේවකයෝ ‍තෝරා ගනු ලැබේ.
  • ඔවුන් රුධිර පරීක්ෂණයට, ශ්‍රවණ තත්වය මැන බැලීමේ පරීක්ෂණයට පෙණහළු ක්‍රියාත්මක විම සොයා බැලීමේ පරීක්ෂණයට සහ දෘශ්‍ය පරීක්ෂණයකට යටත්විය යුතුය.

පරීක්ෂණයට ඇතුළත් වන දේ,

  • කායික පරීක්ෂණයක්
  • රුධිර පීඩනය
  • BMI පරීක්ෂණය

වැඩ කරන පරිශ්‍රය දූවිලි සහිත වේ නම් හෝ සේවකයන් රසායනික ද්‍රව්‍යවල බලපෑම්වලට හසු වී ඇත්නම්,

  • FVC/FEC/PEFR වාර්තා ගනු ලැබේ.

ඉලක්කගත සේවකයෝ

වැඩ කරන සහ දූවිල්ලට හසු වන සේවකයෝ

විමසීම්

රම්‍යා ජඹුරේගොඩ මහත්මිය

+94 112 585 425 (දිගුව: 103)

ඇස් පෙනීමේ හැකියාව පදනම් කරගෙන සේවකයන් දෘෂ්ටි පරීක්ෂකයකු වෙත යොමු කොට අවශ්‍ය වුවහොත් ඇස් කණ්ණාඩි නොමිලේ සපයනු ලැබේ.

වාර්තාවේ අඩංගු කරුණු

පුද්ගලයා පදනම් කරගෙන මේ වාර්තාව සපයනු ලැබේ.

  • පහත සඳහන් සාධක සැලකිල්ලට ගැනේ - අනතුරු වීම්වලට භාජනය වීම.
  • අතීත වෛද්‍ය ඉතිහාසය
  • වෘත්තීය ඉතිහාසය
  • ප්‍රවණතා විශ්ලේෂණය

එක් අවුරුද්දකට පමණක් වලංගු වේ.

වාර්තාවේ ව්‍යූහය

  • කර්මාන්තයටම විශේෂ වූ හඳුන්වා දීම
  • වැඩ කිරීමට විශේෂ වූ සහ යන්ත්‍රසූත්‍රවලට විශේෂ වූ වැඩ කිරීමේ පාරිසරික තක්සේරු වාර්තාව.
  • මිනුම් පදනම් කරගත් ප්‍රතිඵල
  • ප්‍රතිඵල පිළිබඳ අර්ථනිරූපණය
  • ප්‍රතිඵල පදනම් කරගත් අවසන් නිගමනය සහ නිර්දේශ

කර්මාන්තයට ලැබෙන ප්‍රතිලාභ

  • පුද්ගල හා සමාගම පදනම් කරගෙන නීතිමය වලංගුභාවය සහිත ලේඛන පිළියෙල කළ හැකි වීම.
  • ඝෝෂාව හේතු කොට ගෙන ඇති වන ඇසීමේ ශක්තිය නැති වී යාම ලිහිල් කිරීමේ නිර්දේශ වාර්තාව ඇතුළත් වන බැවින් කර්මාන්තය තුළ සෞඛ්‍ය වියදම් අ‍ඩුකර ගත හැකි වීම.
  • ජාතික ආරක්ෂාව සහ‍ සෞඛ්‍යය පිළිබඳ නීතියට අනුකූල වීම.
  • ISO / OSHA  සහතිකයට වැඩි අගයක් ලැබීම.
  • සේවකයන්ගේ නොපැමිණීම, වෘත්තීය හදිසි අනතුරු සහ වෘත්තීය රෝග යන මේවා අඩු වීමෙන් ලාභදායකත්වය වැඩි වීම.
  • වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ නිවැරදි තීරණ ගත හැකි වීම.
  • නීතිමය කරුණුවලදී ඔප්පු කිරීමේ ලේඛනයක් වශයෙන් පාවිච්චි කළ හැකි වීම.
  • රජයේ අනන්‍යතාව එය සතුව තිබීම.

සේවය ලබා ගත හැකි ආකාරය

වෙබ් අඩවිය ‍මගින් අයදුම් පත් ආකෘතිය බාගත කර ගන්න.

විමසීම්

ඉෂංගී මහත්මිය/ උපේක්ෂා මහත්මිය

+94 112 585 425 (දිගුව: 103)