දැක්ම

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ සියලු ක්‍රියාකාරකම්වලදී ආදාළ අමාත්‍යවරයාට සහය වීම.

මෙහෙවර

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී අවශ්‍ය වන අධ්‍යයන පර්යේෂණ සහ විශ්ලේශණ සිදු කිරීම. වෘත්තීය සුරක්ෂිතතාවය, සෞඛ්‍ය සහ සුබසාධනය පිළිබද අධ්‍යාපනය, පුහුණු කිරීමේ සහ දැනුවත් කිරීමේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ප්‍රධාන කාර්යයන්

  • සේවකයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස අදාළ පර්යේෂණ හා අධ්‍යයන සිදුකොට භාවිතයට ගන්නා යන්ත්‍රසූත්‍රවල තත්ත්වය වැඩි දියුණු කිරීම, නිසි ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ආවරණ නිර්මාණය මෙන්ම සෑම විටම ආරක්ෂිත ආවරණ සහිත යන්ත්‍රසූත්‍ර භාවිතයට, සේවකයින් පුද්ගල ආරක්ෂණ උපකරණ භාවිතයට යොමු කිරීම හා විදුලි බල ස්ථානවලට අදාල සුරක්ෂිත ක්‍රියාමාර්ග සංවර්ධනය කිරීම.
  • අදාල පර්යේෂණ හා සංවර්ධන සිදු කර, සේවා ස්ථානයේ, වැඩබිම්වල ශබ්ද මට්ටම, ආලෝක මට්ටම, දුවිලි මට්ටම, තාපය හා ආර්ද්‍රතා මට්ටම ආදී පාරිසරික සාධක අධීක්ෂණය හා ඒවා සේවකයාගේ සෞඛ්‍යයට හිතකර තත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම, වැඩකරන තත්වවල ඇති හානිදායක බව නැති කිරීම හෝ අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ඇති කිරීම.
  • සේවකයින්ගේ වැඩකරන සේවක ඉරියව්ව, ශ්‍රම විද්‍යානුකූලව නිවැරදි කිරීමට සේවකයින්ගේ දැනුවත් කිරීම හා එම කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සේවකයට ගැලපෙන අයුරින් සැපයීමට සේවායෝජකයින් යොමු කිරීම.
  • සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක් ඇති කිරීමට අවශ්‍ය නිරීක්ෂණ හා සුදුසු ක්‍රියාමාර්ග සංවර්ධනය කිරීම.
  • වැඩ පරිසරය නිරීක්ෂණය කර උසස් සුරක්ෂිතතා හා සෞඛ්‍ය තත්වයන් පවත්වාගෙන යාම.
  • සුරක්ෂිතතාවය සහ සෞඛ්‍යය පිළිබදව පුද්ගලයන් වෘත්තීමය වශයෙන් දැනුවත් කිරීම හා පුහුණු කිරීම, වැඩබිම්වල සෑම සේවකයෙක්ම වෘත්තීය සුරක්ෂිතතාවය හා සෞඛ්‍යය සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් කිරීම ප්‍රායෝගිකව දුෂ්කර කාර්යයක් වුවද සියලුම වැඩබිම්වල මෙම කාර්යය සිදු කිරීම මෙම ක්ෂේත්‍රය පිළිබදව අප ආයතනයෙ මනා පුහුණුවක් ලද නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
  • හදුනාගත් සමහර වෘත්තීන් හේතුවෙන් වෘත්තීය රෝග (උදාහරණ ලෙස ඇස්බැස්ටෝස් ආශ්‍රිත කර්මාන්ත) ඇතිවන විට එබදු වෘත්තීන්ට සේවකයන් බදවා ගැනීමේදී හා වාර්ෂිකව වෛද්‍ය පරික්ෂණ පැවැත්වීමට මග පෙන්වීම තුලින් රෝග කල් තියා දැනගැනීමට හා අවදානම් තත්වයන්ට පත්වීම වළක්වා ගැනීමට කටයුතු කිරිම.
  • මෙමගින් රෝග උත්සන්න වීමට පෙර හඳුනා ගැනීම හා නිවාරණය මගින් ජාතික සෞඛ්‍ය පිරිවැය අඩු කිරීම හා නිරෝගිමත් ශ්‍රම බලකායක් බිහි කිරීම.
  • සෑම වසරකම ඔක්තෝම්බර් මස දෙවන සතියේ වෘත්තීය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය සතිය පැවැත්වීම තුලින් ජාතික මට්ටමින් වැඩකරන ජනතාව දැනුවත් කර සියලුම වැඩ කරන ජනතාව නිරෝගී ශ්‍රම බලකායක් කිරීමට දැනුවත් කිරිම හා දිරිමත් කිරීම.