කර්මාන්ත ක්ෂේත්‍රය තුළ වැඩ කරන අයට ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ විශාරද දැනුමක් ලබාදීම උදෙසා වෘත්තීය සුරක්ෂීතතාව සහ සෞඛ්‍යය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ජාතික වෘත්තීය සුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතනය විසින් පවත්වනු ලැබේ.

මෙහි විෂය මාලාව ප්‍රධාන ක්ෂේත්‍ර තුනකින් සමන්විත වේ,

දේශන මාතෘකා

  • වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය හඳුන්වාදීම
  • ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ නීති
  • රසායනික ආරක්ෂාව
  • හදිසි අනතුරු විමර්ශනය
  • ප්‍රථමාධාර
  • උපකරණ ක්‍රියාත්මක කිරීම
  • විදුලිමය ආරක්ෂාව
  • අවදානම් තක්සේරුව
  • කාර්යක්ෂමතා වර්ධනය කර ගත හැකි වැඩ කිරීමේ තත්වයන්
  • වෘත්තීය ස්වස්ථතාව
  • වෘත්තීය රෝග
  • ආහාර ආරක්ෂාව
  • ගිනි ආරක්ෂාව
  • ජීවිත අවදානම්
  • හදිසි අනතුරු විමර්ශනය සහ යන්ත්‍රසූත්‍ර / යන්ත්‍රාගාර ආරක්ෂාව
  • ඉදිකිරීම් ආරක්ෂාව
  • පුද්ගල ආරක්ෂණ උපකරණ
  • වෘත්තීය ආතතිය

පුහුණුව ලත් පුද්ගලයකුට නිසි ආරක්ෂා නිලධාරියකු වශයෙන් සේවය කළ හැකිවනු ඇත.

පාඨමාලා ගාස්තුව : රු. 45,000/=
පාඨමාලා කාලය : දින 15 (සෙනසුරාදා)
ස්ථානය : වෘ.ආ.සෞ.ජා. ආයතනයේ ශ්‍රවණාගාරය
වැඩිදුර විස්තර විමසීමට : වෛද්‍ය චම්පිකා අමරසිංහ
+94 112 502 683   
+94 112 585 425
ඉලක්ක කණ්ඩායම :

කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සිටින මධ්‍ය මට්ටමේ කලමනාකරුවන් සහ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ සිටින කනිෂ්ඨ කළමනාකරුවන්