• ඉලක්කගත කර්මාන්තය - ඕනෑම කර්මාන්තයක්
  • වෘත්තීය සුරක්ෂිතතාව හා ආරක්ෂාව පිළිබඳ ක්ෂේත්‍රයෙහි ප්‍රවීණ කණ්ඩායමක් විසින් කර්මාන්ත ශාලාවට ගොස් ආරම්භක රැස්වීමක් පවත්වනු ඇත.
  • පරීක්ෂණ ලැයිස්තුවක් භාවිත කොට වෘත්තීය පරිසරය සහ වැඩ කිරීමේ පරිචයක් තක්සේරු කරනු ලැබේ.
  • සේවායෝජක සහ සේවක සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබේ.
  • යන්ත්‍ර ආරක්ෂාව, විදුලි ආරක්ෂාව, ගිනි, ප්‍රවාහන, රසායනික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න තක්සේරු කරනු ලැබේ.
  • බොයිලේරු, ජෙනරේටර් ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්න තක්සේරු කරනු ලැබේ.
  • වාර්තා සහ ලේඛන පරීක්ෂා කර  බලනු ලැබේ.
  • වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යය කෙරෙහි සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ බැඳීම් සලකා බලනු ලැබේ.
  • සොයා ගන්නා කරුණු පදනම් කරගෙන වාර්තා සපයනු ලැබේ.