සුදුසුකම්

කර්මාන්ත ක්ෂේත්‍රවල හෙද හෙදියන් වශයෙන් සේවය කරන පුද්ගලයන් හෝ හෙද සේවය පිළිබඳ පළපුරුද්ද සහිත පුද්ගලයන් / හෙද හෙදියන් වශයෙන් සුදුසුකම්ලත් පුද්ගලයන් / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු.

පාඨමාලාවේ පරමාර්ථ

  • කාර්යක්ෂම හෙද සේවයක් බිහි කිරිම
  • කර්මාන්තය තුළ සේවකයන්ගේ සෞඛ්‍ය ගැටලු අවම කිරිම
  • කර්මාන්තය තුළ සෞඛ්‍ය වියදම් අවම කිරිම

පාඨමාලාවට අන්තර්ගත කරුණු

  • වෘත්තීය රෝග පීඩා ආදිය පාලනය කිරීම් සහ වැළැක්වීම.
  • වෘත්තීය හදිසි අනතුරු අවම කිරිම.
  • සංක්‍රාමික හා සංක්‍රාමික නොවන රෝග පදනම් කර ගත් දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය සහ තීරණ ගැනීම.

කර්මාන්ත හෙද කටයුතු පිළිබඳ දින 5 ක වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ පුහුණුව ලැබූ බවට ජාතික මට්ටමේ සහතික පත්‍රයක් පිරිනමනු ලබයි.

භාවිත කෙරෙන ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම

  • ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ දැනුවත් භාවය ලබා දීම සහ කර්මාන්තය තුළ හෙදියක විසින් ඉටු කල යුතු කාර්යන් පැහැදිලි කිරීම.
  • ආරක්ෂා සහිත හැසිරීම් පුරුදු
  • පුහුණු පාඨමාලාවෙන් පසුව තම ආයතනය තුළ පුහුණු වැඩසටහන් පැවැත්වීමේ හැකියාව
පාඨමාලා කාලය : දින 5 යි
සහතිකය : කර්මාන්ත හෙදි
ලියාපදිංචි ගාස්තුව : රු. 500/=
පාඨමාලා ගාස්තුව : රු. 15,000/=
ස්ථානය : ජා.වෘ.සු.හා සෞ. ආයතනයේ ශ්‍රවණාගාරය
ඉලක්ක කණ්ඩායම : කර්මාන්තය තුළ වැඩ කරන හෙදියන් සහ කර්මාන්ත හෙදියන් වශයෙන් සේවය කිරීමට කැමති අය

ආයතනයට / පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභ

  • ශ්‍රී ලංකාවේ ඕනෑම කර්මාන්තයක වැඩ කිරීමට ඔවුන්ට සුදුසුකම් සහ දක්ෂතාව ලැබීම.
  • වෙනත් ඕනෑම රටක කර්මාන්ත හෙදියක වශයෙන් සේවය කිරීමට ඔවුන්ට සුදුසුකම් ලැබීම.
  • වෘත්තීය හදිසි අනතුරු සහ වෘත්තීය රෝග අවම කිරීමට දක්ෂතාවක් ඔවුන් සතුවීම.
  • වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ සේවකයන් දැනුවත් කිරීමේ සහ පුහුණුකිරීමේ වැඩසටහන් පැවැත්වීමේ හැකියාව ඔවුන්ට ලැබීම.
  • ආරක්ෂා කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයකු වීමේ හැකියාව.
  • වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය හා සම්බන්ධ ගැටලු තෝරා බේරා සන්නිවේදනයෙහි යෙදවීම.
  • ලබාදෙන සහතිකය තත්ත්ව අනුකූලන විගණනය සඳහා වලංගු වේ.

විශේෂ ප්‍රදානය‍

එක් කර්මාන්තයකින් ඉදිරිපත් වන පුද්ගලයන් ගණන තුන් දෙනකුට වැඩිවන අවස්ථාවලදී පරීක්ෂා කර බලා පිළිපැදීමට මග පෙන්වීමේ වලංගු ලේඛනයක් මෙම ආයතනයෙන් සැපයේ.

පාඨමාලා කාලය : 1/2 දින
වේලාව : පෙ.ව. 9 - ප.ව. 1
ස්ථානය : ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතන ශ්‍රවණාගාරය
විමසීම්: : +94 112 585 425
චරිත්  (දිගුව:107)
මොහාන් (දිගුව:102)
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආසන 50ක් පමණි. දැන්ම අයදුම් කරන්න...